වාර්ෂිකව පොසොන් පොහොය නිමිති කරගනිමින් සිදුකරන සිල් සමාදන් වීමේ වැඩසටහන යටතේ මෙවර ද
- 1-5 ශ්‍රේණි විද්‍යාලය පරිශ්‍රයේදී භික්ෂූන් වහන්සේලා විසි දෙනමක් අලංකාර පෙරහරකින් වැඩම කරවා සීල සමාදන් වීම සිදුකළ අතර
- 6-9 ශ්‍රේණි වල දියණියන් සියලු දෙනා මානෙල් වත්ත නාගානන්ද බෞද්ධ විහාරයේ සීල සමාදන්වීම සිදුකරන ලදි.
- එසේම 10-13 දක්වා ශ්‍රේණිවල දියණියන් තායි බෞද්ධ විහාරයේ සීල සමාදන් වීමේ වැඩසටහන සිදුකරන ලදි.
විද්‍යාලයීය සහකාර විදුහල්පති ගෞරවනීය අලුදෙණියේ සුමනරතන ස්වාමීන් වහන්සේ සහ ගෞරවනීය මයිලහින්නේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසනා හා මග පෙන්වීම් අනුව ගරු විදුහල්පතිතුමිය ප්රමුඛ අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සහ දෙමාපියන්ගේ සහභාගිත්වයෙන් මෙම කටයුතු ඉතාමත් සාර්ථක ලෙස සිදුකෙරිණි.

