අ.පො.ස. (උසස් පෙළ) ශ්‍රේණි සඳහා ඇතුළත්වීමේ අයදුම්පත්‍රය – 2025/2027
අභ්‍යන්තර අයදුම්කරුවන් සදහා උපදෙස්
- 2025/07/14 සදුදා දින ප.ව 12.00 සිට පාසලේ ආරක්ෂක කුටියේ ඇති අයදුම් පත්‍රයක් ලබා ගෙන, ඒ සමග ඇති උපදෙස් පත්‍රිකාවට අනුව නිවැරදිව සම්පූර්ණ කර 2025-07-18 දිනට පෙර ආරක්ෂක කුටියටම භාර දෙන්න.
හා
- මේ සමග ඇති ලින්ක් එකට ගොස් Google Form එකද 2025/07/18 දිනට පෙර පුරවන්න.
- https://tinyurl.com/Admission-for-AL
(2025.07.18 දින දක්වා ලැබෙන අයදුම්පත් පමණක් සලකා බලන බව කාරුණිකව දන්වමි)
බාහිර අයදුම්කරුවන් සදහා උපදෙස්
- අ.පො.ස. (උසස් පෙළ) ශ්‍රේණි සඳහා ඇතුළත්වීමේ අයදුම්පත්‍රයක් පොත් හළකින් ලබා ගෙන සම්පූර් ණ කරන ලද අයදුම් පත්‍රයක් (විදුහල්පති සහතික කරන ලද) බප/කැල/විශාඛා බාලිකා විද්‍යාලය, සපුගස්කන්ද යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් 2025-07-18 වන දිනට පෙර එවීමට කටයුතු කරන්න.
- ලියුම් කවරයේ ඉහල වම් කෙලවරේ “උසස් පෙළ අයදුම් පත්‍රය – 2027” ලෙසද තමන් ඉල්ලන විෂය ධාරාව ද සඳහන් කල යුතු වේ.
- මුද්‍රිත මාධ්‍යයෙන් අයදුම් පත එවීමේදී, ඉක්මනින් ඇමතිය හැකි දුරකථන අංකයක් අනිවාර්යෙන්ම ඇතුළත් කරන්න.
- බාහිර අයදුම්කරුවන් සම්මුඛ පරික්ෂණයට පැමිණීමේ දී විදුහල්පති සහතික කරන ලද අයදුම්පත්‍රයේ ඡායා පිටපතක් සහ අ.පො.ස.(සාමාන්‍ය පෙළ) ප්‍රතිඵල ලේඛණයේ සහතික කරන ලද පිටපතක් ද ඉදිරිපත් කළ යුතුය.
හා
- මේ සමග ඇති ලින්ක් එකට ගොස් Google Form එකද 2025/07/18 දිනට පෙර පුරවන්න.
- https://tinyurl.com/Admission-for-AL
(2025.07.18 දින දක්වා ලැබෙන අයදුම්පත් පමණක් සලකා බලන බව කාරුණිකව දන්වමි)

